Posts

51 ජනපදයට කඩා පනින හමුදාවක් (Storm Area 51)

Image
පසුගියදා විහිළුවක ස්වරූපයෙන් ආරම්භ වූ ෆේස්බුක් event එකක් නිසා මේ වන විට ඇමරිකානු රජයේ අදාල පිරිසට අනතුරු අඟවා ඇත්තේ අනුගාමිකයින්ට පනස් එක් වැනි ජනපදය අසලට පැමිණීම වළකින ලෙසටයි. මෙම ඉවෙන්ට් එක හරහා විශාල පිරිසක් එක් වරම 51 වැනි ජනපදයට කඩා පැනීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් පවසන්නේ ප්‍රතිවාදීන්ගේ වෙඩි උන්ඩ වලට වඩා වේගයෙන් තමන්ට අදාළ ප්‍රදේශය හරහා ගමන් කළ හැකි බවයි .එනම් ඔවුන්ගේ අවශ්‍යතාවය වෙඩි උණ්ඩ වලට වඩා ප්‍රබල බව ඇඟවීමට උත්සාහ කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය ආරම්භ කර පුද්ගලයා පවසා ඇත්තේ මෙය විහිළුවක් ලෙස සලකා සිදුකළ අතර සත්‍ය වශයෙන්ම පුද්ගලයින් ජනපදයට ඇතුල් වීමට හෝ කඩා පැනීමට උත්සාහ දරනු ඇතැයි කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ බවයි.කෙසේ නමුත් ඇමරිකානු රජය පවසා ඇත්තේ මෙය විහිළුවක් නොවන බවත් අදාළ ප්‍රදේශය ඇමරිකානු හමුදාවට පුහුණුවීම් ලබාදෙන ඉතාමත්ම රහසිගත අධිආරක්ෂිත කලාපයක් බැවින් එම ප්‍රදේශය අතරට පැමිණීමෙන් සාමාන්‍ය ජනතාවට වළකින ලෙසටයි. පනස් එක් වැනි ජනපදය ගැන ඇතැම් පිරිසක් විශ්වාස කරන්නේ පනස් එක්වෙනි වැනි ජනපදය තුළ හඳුනා නොගත් පියාඹන වස්තූන් හෙවත් ufo ආශිුත තුරු ගබඩා කර ඇති බවත් පිටසක්ව

අභිරහස් ලෙස අතුරුදන් වූ ප්‍රදීපාගාර සේවකයන්

Image
අදටත් විසදගන්න බැරි අබිරහසක් බවට පත් වෙලා තියන මොර් ප්‍රදීපාගාර සේවකයෝ තුන් දෙනෙකුගේ කතාවක් ගැනයි මේ ලියන්න යන්නේ. ලෝකයේ නොවිසදුනු ගැටළු අතර ප්‍රදාන තැනක් හිමි වෙන මේ සිද්දිය වෙලා තියෙන්නේ 1900 අව්රුද්දෙ. ඒ කියන්නේ ඔය සන්නිවේදන තාක්ශනේ එහෙම ඒ හැටි දියුණු නැති කාලේ. මේ කියන මොර ප්‍රදීපාගාරය පිහිටලා තිබිලා තියෙන්නේ දුපතක , මේ දුපත අයිති වෙන්නේ ස්කොට්ලන්තයට. කොහොමත් ප්‍රදීපාගාර රස්සාව කියන්නේ බොහොම හුදකලාවේ කරන්න සිද්ද වෙන රස්සාවක්නේ. මේ ගොල්ලෝ පොළොවෙන් අඩි  ගානක් උස ප්‍රදීපාගරේක තනියමනෙ ජීවත් වෙන්නේ . ඒ අතින් බලද්දී මේ කියන ප්‍රදීපාගාර සේවකයෝ ගොඩක්ම හුදකලායි මොකද මේ ප්‍රදීපාගාරය තියෙන්නේ මුහුද මැද්දේ ගොඩබිමෙන් ඈත පිහිටලා තියන මනුස්ස වාසයක් නැති දුපතක. ඉතින් මේ ප්‍රදීපාගරේ සේවකයෝ 3 දෙනෙක් ඉදල තියනවා මෙගොල්ලට කරන්න තිබුනේ ප්‍රදීපාගරේ පහන් පත්තු කරලා ඒ අදාළ නඩත්තු කටයුතු කරන එක. ඉතින් මේ සේවකයෝ තුන් දෙනා දිනපතා මේ කාර්යන් කරන අතරේම ලොග් සටහනකුත් තියන්න ඕනි දවසේ කාලගුනේ සහ විශේෂ සිදු වීම් ගැන. 1900 අව්රුද්දෙ නත්තල් දවසට පස්සේ දවසේ ඒ කියන්නේ දෙසැම්බර් 26 වෙනිදා මේ දුපතට  ස

ස්ටෝන් හෙන්ජ් තනිවී නැත

Image
  අපූර්ව භූ විද්‍යා කැනීම් කීපයකින් පසුව මෙම පර්යේෂකයන් හෙළි කල දේ ඇසුවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත් වේවි. ස්ටෝන් හෙන්ජ් කිසිම දිනෙක තනිව මේ මිහිමත පවතී නැහැ. ස්ටෝන් හෙන්ජ් ගැන දන්නේ නැති අයට ඒ ගැන පස්සේ කියන්නම්. දැනට මෙහෙම හිතන්නකෝ තාමත් හරියටම හදපු හේතුවක් හිතාගන්න බැරි ගල් කණු වලින් කල ඉදිකිරීමක් තණකොළ පිට්ටනියක් මැද්දේ තනියම නැගී හිටිනවා කියල හිතපු. ස්ටෝන් හෙන්ජ් වටේට පොලොව යට සිතියම් ගත කරපු විද්වතුන්ට හමු වුනේ අදහගන්න බැරි ඉදිකිරීම් ගොඩක්. මෙචර කල් හැමෝම හිතන් හිටියේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ තණකොළ පිටිය මැද්දේ තනියම නැගේ සිටින ස්මාරකයක් විදියට එත් මේ අලුත් සිතියම් ගත කිරීමට අනුව ස්ටෝන් හෙන්ජ් වටේට ස්මාරක විශාල වලවල් සහ සොහොන් කොත් වගේ දේවල් දකින්න තියනවා. ඒ නිසා මේ කණ්ඩායම අවසානයේදී පැවසුවේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ මීට කලින් නොදැකපු නොදැන හිටපු ඉදිකිරීම් සුමුහයක එක සාමාජිකයෙක් විතයි  කියල.වසර 4ක් විතර තිස්සේ වර්ග කිලෝමීටර් 17 විතර ආවරණය කරමින් මේ පරීක්ෂණය සිදු කරලා තියනවා. පරීක්ෂණයට කලින් ස්ටෝන්හේන්ජ් මයිල 1.5 විතර දුරින් ආසන්නතම පුරා විද්‍යා ඉදිකිරිම තියෙනවා කියල හිතු

පීරු රටේ අමුතු කානු කැපිල්ලක්

Image
පීරු රාජ්‍යයේ නස්කා කියන ප්‍රදේශයේ ඉතා පුදුම එළවන් සුළු භූ පිහිටීමක් දකින්න තියනවා. පීරු කියන්නේ ඉන්කා ජනාවාස සමග කිට්ටු සබදතාවක් තියන තවත් රාජ්‍යයක්. මේ අභිරහසත් අවරුදු 80 විතර තිස්සේ විසදගන්න බැරි ගැටළුවක්. මේ නස්කා ප්‍රදේශයේ සුදු පාට ඉරි වගයක් තියනවා. ඒ වගේම මේ ප්‍රදේශය වසරකට අගලකට අඩු  වර්ෂාවක් ලැබෙන කාන්තාර ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ ප්‍රදෙශේක වතුර බහින්න කානු කපන්නත් නැතුව ඇතිනේ. ඉතින් මේ කානු කව්රු මොකට හැදුවද කියන එක සියවස් ගානක් යනකන් හරිම ගැටළුවක් වෙලා තමයි තිබුනේ. 1926 මුලින්ම මේවා ගැන අද්යන ඇරබුනා හැබැයි  පොලොව මට්ටමේදී මේක ගැන ඒ තරම්  දේවල් හොයාගන්න බැරි උනා. මේ භූ පිහිටීම් ස්වභාවික නිර්මාණ නොවන තරමට සමමිතිකයි කියා නම් දැනගන්න ලැබුනා. එත් මෙහෙම නිර්මාණයක් කලේ ඇයි ? ඒ ගැටලුවට විසදුමක් ලැබුනේ මේ ප්‍රදේශය හරහා ගුවන් යානා ගමන් කරන්න ගත්තට පස්සේ තමයි. ඉහල ඉදල බලනකොට මේ ප්‍රදේශයේ මේ කානු වලින් පොළොවේ ඉන්න එක එක සත්තු වගේ විවිද හැඩතලයි නිර්මාණය කරලා තියෙන්නේ කියල හෙළි උනා. මේ රූප අතරේ වදුරෝ මකුළුවෝ වගේ පොළොවේ ඉන්න විවිද සත්තු තමයි තිබුනේ . හැබැයි

රටක් නැති ආගන්තුකයකුගේ පැමිණීම

Image
  ඒ 1954 ජුලි මාසයයි වෙනදාට වඩා උණුසුම් කාලගුණික තත්වයක් තිබුනත් එදා සාමාන්‍ය දවසක්. ටෝකියෝ නුවර හනේදා ගුවන් තොටුපොලෙත් වෙනදා වගේම සාමාන්‍ය විදියට කටයුතු කෙරෙමින් තිබුනා. මේ සාමාන්‍ය තත්වය අසාමාන්‍ය තත්වයාට හරවල අදටත් නොවිසිදුන තවත් අභිරහසක් ලෝකයට එකතු කරන්න මෙතනට ආපු එක පුද්ගලයකුට පුළුවන් කම ලැබුනා. ඉතාමත් පිළිවෙලට ඇද පැළද ගත්ත මදි වියේ පුද්ගලයෙක් ටෝකියෝ ගුවන් තොටුපලට ඇවිත් කිව්වේ තමන් සාමාන්‍ය වියාපාරික ගමනකට ටෝකියෝ ආව කියල. හැමදෙයක්ම හරියට තිබුනා මෙයා කලින් වතාවේ ටෝකියෝ ආපු සීල් එකත් මේ පාස් පොතේ සටහන් වෙලා තිබුනා. තව යුරෝපෙට අයිති රටවල් කිපෙකම මුදල් නොට්ටුත් මෙයා ගාව තිබුනේ ඇත්තටම මෙයා නිතර රට රටවල සංචාරය කරන බව පැහැදිලි කරන්න වගේ. සේරම බොහොම සාමාන්‍ය විදියට සිද්ද උනත් වැඩේ අප්සට් උනේ ගුවන් තොටුපොල නිලදාරීන් මේ පුද්ගලයාගෙන් තමන් ආපු රට ඇහුවමයි. මෙයා කිව්වේ එයා අවේ ටොඩ් කියල ප්‍රංශය හා ස්පේන් අතර තියන රටකින් කියලා. ගුවන් තොටුපොළේ නිලදාරීන් ඔහුට කිව්වා එහෙම රටක් නෑ  කියල මේ පුද්ගලයා කතා කලේ ප්‍රංශ භාසාව. කේන්ති ගත්ත මේ පුද්ගලයා කිව්වේ එහෙම වෙන්න බෑ අවරුදු දහස් ගා

අතීතයෙන් ආ අමුත්තා

Image
  මේ සටහන ලියන්නේ අතීතෙන් ආපු අමුත්තෙක් ගැන. අතීතයට යන එක අනාගතේට යන එක එහෙමත් නැත්තම් කාලය හරහා ගමන් කරන එක ගැන එදා ඉදන්ම මිනිස්සුන්ගේ අවධානය යොමු වෙලා තිබුනා. ගොඩක් වෙලාවට විද්‍යා ප්‍රබන්ධ වල මේ විදියට කාලය හරහා ගමන් කිරීම ගැන සදහන් වෙලා තියනවා.පුදුමය කියන්නේ ලෝකයේ මේ විදියට කාල තරණය කළා කියල සැලකෙන අමුතු සිදුවීම් ඇත්තටමත් සිද්ධ වෙලා තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ල ආශ්‍රිත සිදුවීම් සේරම ගුප්ත වගේම අමුතු සිදුවීම්. ඒ වගේම තමා අහල පහල ඉන්න උදවියත් හොල්මන් කරපු මේ සිදුවීම් නිසා ඒ වෙලාවේදී කාටවත් මේ උදවිය ගැන හරි හමන් තොරතුරක් ලබා ගන්න බැරි වෙලා තියනවා. දැන් මේ කියන්න යන සිදුවීමත් ඒ වගේ එකක්  Rudolph Fentz කියන මේ පුද්ගලයා 1950 දී මෙයා පරණ ඇදුම් විලාසිතා එක්ක නිව් යෝර්ක් නගරයේ ටයිම් ස්ක්වයාර් එක ගාව හදිස්සියේ මතු වෙලා . එත් ටික වෙලාවකින් මෙයා කාර් එකක හැප්පිලා මැරිලා තියනවා. මෙයාව පරීක්ෂා කරපු අයට සත 5ක් වටිනා බියර් එකක් ලැබිල තියනවා හැබැයි එකේ තිබුන නම පළාතේ කිසි කෙනෙක් දනන් ඉදල න කොටින්ම පරණම සාමජිකයෝවත්. ඒ වගේම අශ්වයෙක් සම්බන්දව කරපු වියදන් සහිත බිලක් තිබිල තියනවා එත් ඒ